දෙපිරිසක් අතර ගැටුමකින් කතක් ඝාතනය වෙයි

මීටියාගොඩ, චාවිස්සර මාවත ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

දෙපිරිසක් අතර ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් ඇති වූ ගැටුමක දී මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 40 හැවිරිදි කාන්තාවක්.

ගැටුමෙන් බරපතළ තුවාල ලැබු තවත් පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *