වැලිසර කඳවුරේ සිටි 2193 ක් නිරෝධායනයට

වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොවිඞ් 19 වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම. සඳහා ආසාදිත සෙබළුන් සමීපව ඇසුරු කළ කඳවුර තුළ රැදී සිටි නාවික හමුදා සාමාජිකයින් 2193 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (21) පැවසීය.

සෞඛ්‍ය අංශවල නිර්දේශයන්ට අනුව වයිරසය පැතිරීම පාලනය කිරීම ස`දහා මෙම නාවික හමුදා සාමාජිකයින් ති‍්‍රවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත එලෙස යොමු කළ බව යුද හමුදාපතිවරයා කීය.

මේ වන විට නාවික හමුදාවේ සාමාජිකයින් 578 දෙනකු කොරෝනා වයිරසය ආසාදිතව ඇති අතර, එම සාමාජිකයින්ගෙන් 237 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට ලක්කර පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇති බවත්, නාවික හමුදා සාමාජිකයින් 341 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවත් යුද හමුදාපතිවරයා කීවේය.

යුද හමුදාපතිවරයා එසේ පැවසුවේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ඊයේ (21) සවස පැවැති මාධ්‍ය හමුවකදීය.

ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ 27 දෙනකු, වස්කඩුව ස්ටී‍්‍රස් මධ්‍යස්ථානයේ 09 දෙනකු, දියගම මධ්‍යස්ථානයේ 24 දෙනකු, ජෙට්වින් බ්ලූ මධ්‍යස්ථානයෙන් 06 දෙනකු ගල්කිස්ස හෝටලයෙන් 06 දෙනකු සහ නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 10 දෙනකු ද වශයෙන් නිරෝධායන මධ්‍යස්ථානවලින් 82 දෙනකු නිරෝධායන කි‍්‍රයාවලියෙන් අනතුරුව පී සී ආර් පරීක්ෂණවලට ලක්කර අද (21) සිය නිවෙස් වෙත පිටත් කර හරින ලද බවද යුද හමුදාපතිවරයා කීය.

ඒ අනුව, ඊයේ (21) දින වන විට ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 10255 දෙනකු නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් වී ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

ති‍්‍රවිධ හමුදාව ම`ගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40ක 4112 දෙනකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් ස`දහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *