හෝමාගම ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවිමේ තීරණයක්

ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයින් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට. සැලසුම් කර තිබූ ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවිමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේදී මෙම සාකච්ඡාව පැවැත් වුණි.

මීට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයින් වන රොෂාන් මහානාම, සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එහිදී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවිම සදහා ක්‍රියාත්මක කළයුතු යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය

එම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ මහේල ජයවර්ධන කියා සිටියේ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රිඩාව නැංවිම සදහා පියවර රැසක් ගත යුතුව පවතින බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *