විදුලිසැර වැදී පුද්ගලයෙක් මරුට-සැකපිට කතක් අත්අඩංගුවට

අරලගංවිල පොලිස් වසමේ කළුකැලේ ප්‍රදේශයේ කුඹුරු ඉඩමක පුද්ගලයෙකු විදුලිසැර වැදි මියගොස් ඇතැයි අරලංගවිල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 32 ක් වු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කුඹුරු ඉඩමේ අනවසර විදුලි රැහැන් ඇඳ තිබු බවට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෘත ශරීරය දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇත.

අරලගංවිල පොලීසය වැඩිදුර විමර්ශන පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *