දිනක දී ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් පසුගිය පැය 24 තුළ වාර්තා වෙයි

එක් දිනක් තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ වැඩිම සංඛ්‍යාව ඊයේ(20) දිනයේ වාර්තා වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ගත වූ පැය 24 තුළ පමණක් වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 6000ක් හඳුනා ගෙන ඇති බවයි.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලය, අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ ඉන්දියාව යන රටවල්වලින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ වන විට ලොව පුරා කොවිඩ් නයින්ටීන් ‍වෛරස ආසාදිතයින් පනස් ලක්ෂ 82,244 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඉන් විසි ලක්ෂ 20,151 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවිමෙන් ලොව පුරා පුද්ගල මරණ තුන් ලක්ෂ 29,246ක් වාර්තා වී තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *