කම්බි කූරකින් ඇණ එරාවුර් හිදී පුද්ගලයෙක් ඝාතනය කරයි

එරාවූර් පොලිස් වසමේ චෙන්කල්අඩි ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට කම්බි කූරකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (19) රාත්‍රී 11.20ට පමණ මෙය සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබු පුද්ගලයා මඩකපුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

‍එරාවූර් පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 25 ක් වු‍ චෙන්කල්අඩි ප්‍රදේශයේ තරුණයෙකි.

මෘත ශරීරය මඩකලපුව රෝහලේ තැන්පත් කර ඇත.

පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනය සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

ඝාතනය කළ සැකකරු හඳුනා ගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ‍ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එරාවූර් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *