යුධ අභ්‍යාසයකදි ඉරානයේ නාවික හමුදා භටයින් 19ක් මරුට

යුධ අභ්‍යාසයක් අතර තුර සිදුවු අනතුරකින් ඉරානයේ නාවික හමුදා භටයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ දකුණු දිග ඉරානයේ ජාස්ක් නගරයට ආසන්න මුහුදේ පැවති එම අභ්‍යාසය අතර තුර එල්ල කෙරුණු මිසයිලයක ඉලක්කය වැරදීමෙන් නාවික යාත්‍රාවකට හානී සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් තවත් නාවික භටයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉරානය අමෙරිකානු දැඩි සම්බාධකවලට මුහුණ දී සිටින අතර කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දබරපතල පීඩාවකට ලක්ව සිටියි.

එම තත්ත්වයන් අතර වාරයේ දී මෙම යුධ අභ්‍යාසය සිදුකිරීම විශේෂත්වයක් වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *