පන්දහස නොලැබෙන පවුල්වලට තවත් සහනයක්

ඇදිරි නීතිය කි‍්‍රයාත්මකවීමත් සමග ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල් ඒකක සදහා ලබාදෙන රුපියල් 5,000 ක දීමනාව නොලැබුණහොත් ඒ සම්බන්ධයෙන් අභියාචනා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ශී‍්‍ර ලංකා ග‍්‍රාම නිලධාරී සංගමය සදහන් කළේ අදාළ අභියාචනා සළකා බලා අදාළ පවුල් වෙතද රුපියල් 5,000 ක දීමනාව කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවයි.

ඇදිරි නීතිය කි‍්‍රයාත්මකවීමත් සමග ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල් ලක්‍ෂ 52කට සහනාධාර ලබාදීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ යටතේ රුපියල් 5,000 දීමනාව ලබාදීම සදහා අලූතින් හදුනා ගැණුනු පවුල් සංඛ්‍යාව ලක්‍ෂ 19 ක්.

මෙම වැඩපිළිවෙල යටතේ එක් පවුල් ඒකකයකට රුපියල් 5,000 ක් ලැබෙනු ඇති. කෙසේවෙතත් එක් පවුලකින් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් මීට පෙර සකස් කළ ලේඛණයට ඇතුළත්ව තිබූ බවට විවිධ චෝදනා එල්ල වුණා.

අදාළ ලේඛණයේ කිසියම් ගැටළුවක් වෙතොත් එය සංශෝධනය කිරීමට සූදානම් බවයි ශී‍්‍ර ලංකා ග‍්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පැවසුවේ.

මේ වනවිටත් බෙදාදී ඇති වව්චර් පත‍්‍රය සම්පූර්ණ කර ලබාදීමෙන් අනතුරුව අදාළ වසමට අයත් රාජ්‍ය නිලධාරීන් පස් දෙනාගේම අත්සන සහිතව රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට කටයුතු කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

රුපියල් පන් දහසේ දීමනාව ලබාදීමේ කටයුතුවලින් සංවර්ධන නිලධාරීන්ද ඉකුත් 16 වනදා සිට ඉවත්වීමට තීරණය කළේ තමන්ට කිසිදු නිල සහ රාජකාරී අනන්‍යතාවක් නොතිබූ බවට චෝදනා කරමින්.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවලින් පසු අද සිට යළි රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමේ රාජකාරී සදහා එක් වූ බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ප‍්‍රකාශ කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *