දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු හා උතුරු මැද පළාත්වල මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අත​ර ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *