මේ වෙලාවේ මැතිවරණයක් කරන්න අමාරුයි-ටිල්වින්

නාමයෝජනා භාරගැනීම අවසන් වූ පසු මහමැතිවරණය පැවැත්වීම. සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමිවන බැවින් රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ඔවුන් තීරණයක් ගනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

අද(18) පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පවතින තත්ත්වය මත මැතිවරණයක් කිරීම ඉතා අසීරු බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

ප්‍රචාරක වැඩ කළ නොහැකි බවත්, මැතිවරණ දෙපාර්තමේන්තුවට ද එය අපහසු තත්ත්වයක් බව පැවසු ඒ මහතා, මැතිවරණ කොමිසමට තීරණයක් ගත හැක්කේ නාමයෝජනා භාරදීමෙන් පසුව බවත් කියා සිටියේය.

මෙම ව්‍යවසනය තුළ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් නැවත මැතිවරණය පැවැත් වීමේ ගැසට් නිවේදනය නැවත හැරවිය හැකි බවත් පැවසු ඒ මහතා, ඉන් පසුව පාර්ලිමේන්තුව අගෝස්තු තෙක් නැවත සක්‍රීය වන බවත් පැවසීය.

නමුත් පාර්ලිමේන්තුව නැවත සක්‍රීය වීමට ආණ්ඩුවේ කැමැත්තක් නොමැති බවත් මැතිවරණ කොමිෂම මඟින් මැතිවරණය කල් දැමුවහොත් මැතිවරණය කල් ගියත් පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *