හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පෑලියගොඩ පොලිස් වසමේ දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී පෑලියගොඩ දූෂණ මර්දන අංශය විසින් හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(17) සවස 4 ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

දුෂණ මර්දන නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී එක් සැකකරුවෙක් ළඟ තිබී හොරොයින් ග්‍රෑම් 17 යි මිලිග්‍රෑම් 870 ක් හා රුපියල් ලක්ෂ 3 ක මුදල් ද, අනෙක් සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 81 යි මිලිග්‍රෑම් 590 ක් ද සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 හා 22 යන වයස්වල පසුවෙන දිප්පිටිගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද (18) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෑලියගොඩ දුෂණ මර්දන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *