කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් යළි දිවයිනට

අමෙරිකාවේ පැවැති IFBB ප්‍රෝලීග් ආර්නෝල්ඩ් ක්ලැසික් ලෝක ශූරතා කායවර්ධන තරගාවලියෙන් සිව්වන ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඊයේ (17) උදෑසන යළි දිවයිනට පැමිණියේය.

ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන්.

IFBB ප්‍රෝලීග් ආර්නෝල්ඩ් ක්ලැසික් ලෝක ශූරතා කායවර්ධන තරගාවලිය මාර්තු 6 සහ 7 යන දෙදින අමෙරිකාවේ කොලොම්බස් නගරයේදී පැවැත් විය.

එම තරගාවලියට ලොව පුරා රටවල් රැසක කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහබාගී වී සිටි අතර කිලෝ ග්‍රෑම් 100ට වැඩි බර පංතිය නියෝජනය කරමින් සහභාගීවී සිටි ක්‍රීඩකයන් ගණන 20 ක්.

එහිදි කිලෝ ග්‍රෑම් 100ට වැඩි බර පංතිය නියෝජනය කරමින් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් සිව්වන ස්ථානය දිනාගත්තේය.

මෙම තරගාවලියට කිලෝග්රෑම් 100ට වැඩි බර පංතිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවු පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ලූෂන් පුෂ්පරාජ්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *