ඉතාලියෙන් දකුණු කොරියාවෙන් එනවනම් නැවත සිතන්න

නිවාඩු ගත කිරිම සඳහා ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට අත්‍යාවශ්‍යම කරුණකට. නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට සැලසුම්කර ඇති ශ්‍රී ලංකා ජාතිකයන් නැවත ඒ පිළිබඳව සළකා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.

පුවත්පත් ප්‍රවෘත්ති කර්තෘවරුන්න, විශේෂාංග කර්තෘවරුන්, කාටූන් ශිල්පීන් ඇතුළු පිරිසක් සමග පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

දින 21ක නිවාඩුවක් ගත කිරීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණියත් එම රටවලින් පැමිණෙණ ජනතාව දින 14ක නිරෝධායනයකට ලක්කිරීමට මේ වන විටත් සැලසුම්කර ඇති හෙයින් ඔවුන්ගේ පැමණීම එතරම් ඵලදායි නොවන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *