ඉන්දියාව පැරදූ ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම විස්සයි20 ලෝක ශූරතාව දිනයි

ඉන්දීය කණ්ඩායම ලකුණු 85කින් පරාජයට පත්කරමින් පන්දුවා විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියා කාන්ත කණ්ඩායම සමත්විය.

මෙල්බර්න්හි පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ ලකුණු 184ක් රැස්කිරිමට සමත්වූහ.

ඊට පිළිතුරු ලෙස ඉන්දීය කාන්තා ක්‍රීඩිකාවන්ට රැස් කිරීමට හැකිවූයේ 99ක් පමණි.

මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියත් සමගින් ලෝක කුසලාන 7ක් පවත්වා ඇති අතර එයින් ලෝක කුසලාන 5කම ජය හිමිකර ගැනිමට සමත්ව ඇත්තේ ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩයමයි.

එංගලන්ත කණ්ඩායම එක් අවස්ථාවකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් අවස්ථාවකදී ලෝක කුසලානය ජයගැනිමට සමත්ව ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *