රනිල් – සජිත් පාර්ශව කරුගේ නිවසේ හමුවෙයි

සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය අතර විශේෂ. සාකච්ඡාවක් හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේ පසුගිය (07දා) පස්වරුවේ පවත්වා තිබේ.

එහිදී සමගි ජන බලවේගයේ ලකුණ පිළිබද සාකච්ඡා කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධයට පැවසීය.

මෙම සාකච්ඡාවට ඉරාන් වික්‍රමරත්න, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, මන්ත්‍රී රාජිත සේනාරත්න යන මහත්වරුන් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශාමිලා පෙරෙරා මහත්මිය ඇතුලු එහි සාමාජිකයන් කිහිපදෙනෙකු ද සහභාගී වී තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *