අපි ගත්ත ණයට පෙන්වන්න වැඩ කළා – අගමැති

මාර්තු මාසයේ එළඹෙන පළමු වන අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවන ලෙසට ජනාධිපතිතුමාට. උපදෙස් දෙන්න ඇමති මණ්ඩලය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හාලිඇල ,ඇටම්පිටිය ජලයෝජනා ක්‍රමය විවෘත කරමින් අද ( 17) අගමැතිවරයා මේ බව පැවසීය .

එහිදි අදහස් දැක්වු අගමැතිවරයා,

පසුගිය අවුරුදු 5ක් ආණ්ඩුව යටතේ සිටියා . අපි හිටියේ විපක්ෂයේ . ඒ කාලය තුළ කරපු වැඩක් පිළිබදව අපට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ . පෙන්වන්න තැනක් නැහැ . හැබැයි ණය වෙලා ගාන බැලුවොත් ඒගොල්ල ගිහින් තියෙන්නේ ලෝකයාටත් රටටත් මහා විශාල ණය බරක් අපට ඉතුරුකරලා ඒගොල්ල ගිහින් තියෙන්නේ .

අපි ණයගත්තා කිය කියා ඒගොල්ල කිව්වත් අප ගත්ත ණයට පෙන්වන්න වැඩ තිබුණා. වරාය හැදුවා. ගුවන් තොටුපළ හැදුවා . අධිවේගී මර්ග හැදුවා අපිට කියන්න හැකියාව තිබුණා .නමුත් පසුගිය රජය ගත්ත ණය ප්‍රමාණය දිහා බැලුවම මෙන්න මේ වැඩේ කළා කියලා කියන්න ඔවුන්ට පුළුවන් කමක් නැහැ . මෙවැනි තත්ත්වයක් තමයි රට තුළ තිබුණේ .

ඒ තත්ත්වයේ වෙනස් වීමක් ඇතිවෙලා අපි නැවත ආණ්ඩුවක් පිහිටවූවා . ජනාධිපතිවරයෙක් පත්වෙලා තියෙනවා . මං අගමැති උනා . නමුත් අපි පාර්ලිමේන්තුවේ සුලුතරයක් . අපිට ඉන්නේ අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් . තිබෙන්නේ අඩු ඡන්ද සංඛ්‍යාවක් . පසුගිය රජය කාලේ අපට ඉතුරුකළ මහා ණය මුදල බේරන්න අපි හෙට පනතක් ගේනවා. විපක්ෂයට අවශ්‍ය නම් ඒක පරද්දන්න පුලුවන් . මොකද අපේ ඉන්න ප්‍රමාණය අඩුයි . හැබැයි මානසික සතුටක් ලබන්න එහෙම පටු විදියට හිතුවොත් කල්පනා අපි මෙයාල පරද්දන්න මැතිවරණයට යනවා .

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවා මහ මැතිවරණයට දී ඉතා ඉක්මනින් ජයග්‍රහණය ලබාගෙන රට ඉදිරියට ගෙනයන්න වැඩ කරන ආණ්ඩුවක් පිහිටුවනවා .

එය නිදාගන්නා ආණ්ඩුවක් ,වැඩ නොකර කයිවාරු ගහන ආණ්ඩුවක් හෝ පළිගන්නා ආණ්ඩුවක් නොවේ. ඒ කාලේ ආණ්ඩුව මාගේ සිට මාගේ පවුල්වල මැති ඇමතිවරුන්ගෙන් පළිගැනීම දිගටම කරගෙන ගියා .ගම්වල අය ගෙනුත් පළිගත්තා

මෙකේ ප්‍රතිපලය කුමක්ද?

ඒ අය ඒකෙන් කිසිම ප්‍රතිපලයක් ලැබුවේ නැහැ . නමුත් අපි දන්නවා මහ බැංකු මංකොල්ලයක් කලා එය ඉතිහාසයේ නොතිබූ විරූ විශාල අපරාධයක් .ඒ පිළිබද ඊයේ හාමුදුරුවරු මගෙන් ඇහුවා. මේකට මොකද වෙන්නේ කියල .ඒක නීතිපතිවරයාට යවල තියෙනවා . අවශ්‍ය නීතිමය පියවරගන්න . ඒ ගැනත් සොයාබලා කටයුතු කරනවා යැයිද අගමැතිතුමා පැවසීය .

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *