තරුණයෙකුගෙන් නව සොයාගැනීමක්

ලොව රටවල් රැසකට මුහුණු ආවරණ නිපදවන චීනයටත් මේ දිනවල මුහුණු ආවරණ අර්බුදයකට මුහුණ දෙන්න සිදුවී තිබේ.

ඒ නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවූ අධික ඉල්ලුම මත.

ලෝකයම මුහුණු ආවරණ ගැන කතා කරන මෙවන් සමයක ලංකාවේ තරුණයෙකු කළ සුවිශේෂී සොයා ගැනීමක් ගැනයි මේ අනාවරණය.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තියත් සමඟ පසුගිය දින කිහිපයේ අපේ රටේ මුහුණු ආවරණ හිඟයක් මතු විය.

ඇතැම් වෙළෙඳුන් ඒ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගත් අයුරුත් ඒ අතර වාර්තා විය.

එවැනි පසුබිමක මුහුණු ආවරණ පිළිබඳ නව සොයාගැනීමක් කළ තරුණයෙකු ගැන අපට වාර්තා වුණේ වැලිවේරිය ප්‍රෙද්ශයෙන්.

ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසර සිසුවකු වන ධම්මික ප්‍රභාත්.

බැක්ටීරියා සහ වෛරසවලින් ආරක්ෂා විය හැකි මෙම මුහුණු ආවරණය නිපදවෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින්.

සිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු සහ සහෝදර ශිෂ්‍ය ජ්‍රජාවගේද පූර්ණ සහාය ධම්මිකගේ මෙම උත්සායහයට නොමඳව හිමි වේ.

මුහුණු ආවරණය තවත් වැඩිදියුණු කරමින් අපනයන මට්ටම කරා ගෙන ඒම ධම්මික ප්‍රභාත්ගේ අභිලාෂයයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *