විජය කුමාරණතුංගයන්ගේ 32 වැනි ගුණානුස්මරණය අද

ජනකාන්ත සිනමා නළු අභාවප්‍රාප්ත විජය කුමාරණතුංගයන්ගේ 32 වැනි ගුණානුස්මරණය අදට යෙදී ඇත.

1945 ඔක්තෝබර් මස 09 වැනි දින උපත ලද විජය කුමාරතුංග සිනමාවට පිවිසෙන්නේ හන්තානේ කතාව චිත්‍රපටයෙන්.

තුෂාරා, ආදරේ හිතෙනවා දැක්කම, හතරදෙනාම සූරයෝ, අහස් ගව්ව, ගඟ අද්දර, පාර දිගේ, මහ ගෙදර, කැඩපතක ඡායා, නොම්බර දහ හත ආදී වූ චිත්‍රපට 114 කට රංගනයෙන් දායක වූ විජය 1983 සිට 1988 තෙදක්වා වසර පහක් අඛණ්ඩව ජනප්‍රියම නළුවා සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

ගායකයකු ලෙසද දක්ෂතා ප්‍රකට කළ විජය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට පිවිසි අතර පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවීමට මුල්වී ක්‍රියා කළේය.

1978 පෙබරවාරී 20 දින චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ විවාහ දිවියට එළැඹි විජය දෙදරු පියෙක්.

1986දී ඔහු යාපනයට ගොස් ‘එල්.ටී.ටී.ඊ නායකයන් හමු වී පැවැත්වූ සාකච්ඡා මෙරට උතුරු නැගෙනහිර අර්බුදය විසඳීම සඳහා ඔහු තුළ පැවති කැපවීම මනාව තහවුරු කරන සිද්ධියක්.

1988 පෙබරවාරි 16 දින විජය කුමාරතුංගයන් පොල්හේන්ගොඩ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී, යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙක් සිදු කළ වෙඩිතැබීමකින් ඝාතනයට ලක්වුණි.

ඔහුගේ 32 වැනි ගුණ සැමරුම යෙදෙන අද දිනයේදී කටුනායක විජය කුමාරතුංග සමාධියේදී විජය කුමාරතුංගයන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම චන්ද්‍රිකා බණ්ජාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *