බන්ධනාගාර රැඳවියන්ට දැවැන්ත පුනරුත්ථාපන වැඩපිළිවෙළක්-නිමල් සිරිපාල

පසුගිය වසර වඩා සියයට 64කින් හෙරොයින් පිළිබඳව වු නඩු වැඩි වී ඇති බවත් මෙම’. තත්ත්වය ඉතාමත් ඛේදනීය බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එසේම බන්ධනාගාර රැඳවියන් සඳහා දැවැන්ත පුනරුත්ථාපන වැඩපිළිවෙළක් එළඹෙන 18 වැනිදා බන්ධනාගාර පරිශ්‍රය තුළ ආරම්භ කරන බවත් ඒ මහතා පැවසීය.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාරයේ අළුත් වැඩියාව වර්ණ ආලේප කිරීම සහ වහළ සෙවිලි කිරිම් සඳහා ද්‍රව්‍ය ආධාර බන්ධනාගාරය වෙත පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලේ දෙවන අදියර සඳහා අද පෙරවරුවේ (14) බන්ධනාගාර පරිශ්‍රයේදී එක්වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.

“වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැඟිලි පද්ධතිය ඉතා අබලන් තත්වයක පැවතුනා. එය ප්‍රතිසංස්කරණයකිරීම සඳහා මුලික අදියරේ කටයුතු අපි පෞද්ලික අංශයේ දායකත්වය ඇතිව ආරම්භ කළා.

බන්ධනාගාරයට රැඳවියන් එන්නේ ඔවුන් විසින් සිදු කරනු ලබන දේ නිසාම නොවෙයි.

සමාජයත් මේ සදහා වගකිව යුතුයි.

සමාජය තුළ පවතින තත්වයන් නිසාත් පුද්ගලයින්ට බන්ධනාගාර ගත වන්න සිදු වෙනවා.

ඒ නිසා අපි බන්ධනාගාර ගත රැඳවියන් දෙස මනුෂ්‍යත්වයෙන් යුතුව බැලිය යුතුයි. මානුෂිකව සළකන්න ඕන.

අපි මේ රටේ තිබෙන බන්ධනාගාර පද්ධතිය දඩුවම් ලබා දෙන ස්ථාන බවට නොව පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් කළ යුතු වෙනවා.

බන්ධනාගාරයේ සිට සමාජයට යන අයගෙන් ඇතැම් පිරිසක් නැවතත් බන්ධනාගාරයට එනවා.

මෙම තත්ත්වය නතර කළයුතුයි. ඊට හේතුව ඔවුන්ට නිසි පරිදි සමාජයේ ජීවත් විය හැකි පුනරුත්ථාපන වැඩපිළිවෙළක් නොමැති වීමයි.

ඒ සදහා විසදුම් වශයෙන් දැවැන්ත පුනරුත්ථාපන වැඩපිළිවෙළක් එළඹෙන 18 වැනිදා බන්ධනාගාර පරිශ්‍රය තුළ ආරම්භ කරනවා.

එහිදි බන්ධනාගාර ගත රැඳවියන්ට වෘත්තිමය පුහුණුවක් හා ජාත්‍යන්තර භාෂා පිළිබදව අධ්‍යාපනයක් ද ලබාදී රැදවියන් විදේශ රැකියා සදහා යොමු කරවනවා..”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *