අදත් තැන් කිහිපයක රිය අනතුරු

ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගයෙකු මියගොස් තිබේ.

අදාල පුද්ගලයා මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 74 හැවිරිදි කළුතර, දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

මේ අතර මීගමුව, තිල්ලන්දූව ප්‍රදේශ‍යේ දී ගිරිඋල්ල සිට මීගමුව දෙසට ධාවනය වු පෞද්ගලික බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුකර ගෙන නොමැති අතර මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *