ගුරුවරුන් හා විදුහල්පතිවරුන් උද්ඝෝෂණයකට කොළඹ එයි

ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති 25 කට වැඩි ගණනක් එක්ව අද උද්ඝෝෂණයක් කැඳවා තිබෙනවා. කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී පෙරවරු 10 ට මෙම උද්ඝෝෂණය ආරම්භ කිරීමට නියමිතයි.

කොළඹ අද පැවැත්වෙන උද්ඝෝෂණය නිසා පාසල්වල අධ්‍යාපන කටයුතුවලට කිසියම් අවහිරයක් ඇතිවුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බව ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

අද පැවැත්වෙන උද්ඝෝෂණයේදී ද සිය ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුනහොත් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලබන 26 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමට සාකච්ඡා කර ඇතැයි ද ලංකා ගුරු සංගමය කියා සිටියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *