වනජීවි නිලධාරිනිය ආදර්ශයට ගන්න-විදුර

මීගමුව කඩොලාන ආශ්‍රිත ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම. සඳහා පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් වන අඩවි නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත්, පෙනීසිටින බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.

ඊයේ (13) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මීගමුව කලපුව සංවර්ධනය කිරීම සදහා පසුගියදා ධිවර රාජ්‍ය අමාත්‍යවරයා , වනසංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රෙදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමේදී ගම්පහ වනඅඩවි නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය සහ රැස්ව සිටි පිරිස අතර මතබේදාත්මක තත්ත්වයක් හටගත්තේය.

මේ අතර ඊයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ පැවසීය.

“කඩොලාන රකින්න නිලධාරිනියගේ සටන ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි. රජයේ නිලධාරියෙක් පක්ෂපාති විය යුත්තෙ පුද්ගලයෙකුට නොව ව්‍යවස්ථාවටයි. වනජීවි නිලධාරිනිය ආදර්ශයට ගන්න“

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *