රජයේ දැක්ම ජනතාවත් පරිසරයත් ආරක්ෂා කර ගැනීම-ඉන්දික

පසුගිය රජය රාජ්‍ය නිලධාරීන් පැත්තකට දමා, පරිසරය ගැන නොසිතා රජයට. අවශ්‍ය විදියට කටයුතු කළ ද රාජ්‍ය නිලධාරීන්ට ඇහුම්කන් දී ජනතාවත්, පරිසරයත් ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම වත්මන් රජයේ දැක්ම බවත් නිවාස පහසුකම් ගරු රාජ්‍යඅමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

පක්ෂයකට හොද කශේරුකාවක් තිබිය යුතු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එය ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද කලින් හොද කශේරුකාවක් තිබූ බවත් පැවසූ අමාත්‍යවරයා, එම නිසා පක්ෂ දෙකම වෙනම කරග කර එකතුවීම තුළින් විශාල බලවේගයක් ගොඩනැගිය හැකි බවත් සඳහන් කරයි.

හිටපු නිවාස අමාත්‍යවරයා පසුගිය කාලයේ වගකීම්විරහිතව කටයුතු කළ බවත්, තමන්ගේ ජනාධිපති සිහිනය පෙන්වමින් දරුවන්ට තාවකාලික පදනම මත කොන්ත්‍රාත් පත්වීම් ලබාදුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතීඥ සරණ කරුණාරත්න මහතා වැඩභාර ගැනීමේ උත්සවයට ඊයේ (13) දින සහභාගීවෙමිණි.

මෙම උත්සවය කොළඹ පිහිටි සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *