සුරියවැව වෙඩි තැබීමක්

අද(13) උදෑසන 10ට පමණ සුරියවැව පොලිස් වසමේ බැද්දෙවැව ප්‍රදේශයේ නිවසක. වෙඩි තැබීමක් සිදුව තිබේ.

තුවාල ලැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා සුරියවැව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක් වු බැද්දේවැව, සුරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මුදල් ආරවුලක් මත මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *