අදිල් රෂීඩ් එංගලන්ත සංචිතයෙන් ඉවතට

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එංගලන්තයේ අදිල් රෂීඩ් ක්‍රීඩා නොකරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඔහුගේ උරහිසේ ආබාධයක් ඇතිවී ඇති නිසයි

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වන එක්දින තරගය අවසන් වීමෙන් පසු අදීල් රශිඩ් විදෙස් මාධ්‍යකට අදහස් දක්වමින් සඳහන් කළේ ඔහු මේ වන විට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පූර්ණ අවධානය යොමුකර ඇති බවයි.

එම නිසා ඔහු ටෙස්ට් තරග ක්‍රීඩා නොකරන බවයි එම මාධ්‍යට අදහස් දක්වමින් ඔහු සඳහන් ‍කළේය.

මේ අතර පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම ටෙස්ට් තරගාවලියට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ද ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකරන බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන එංගලන්ත ටෙස්ට් සංචිතය තවමත් ස්ථීර ලෙස ප්‍රකාශ කර නැහැ.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර මාර්තු මාසයේදී ටෙස්ට් තරගය දෙකක් පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු 19 වැනිදා පැවැත් වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *