ජොෆ්ර ආචර් එංගලන්ත ටෙස්ට් සංචිතයෙන් ඉවතට

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර තිබේ.

ඒ ඔහුගේ උරහිසේ ඇති වු ආබාධයක් නිසයි.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු මාසයේදි ආරම්භ වෙයි.

මෙම ටෙස්ට් තරගාවලියට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් සහභාගී නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

24 හැවිරිදි ආචර්ගේ උරහිසේ ඇතිවී ඇති ආබාධය නිසා මෙම ටෙස්ට් තරගාවලිය අහිමිවී යන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ආචර්ට ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියද අහිමි වන බව විදේස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මාර්තු මාසයේදී ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *