චීන ජනාධිපති සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අමෙරිකානු ජනාධිපති සහ සවුදියේ සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞඩ් රජු සමඟ දුරකථන සංවාදයක නිරත වී ඇත.

එහිදි, චීන ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, චීන ජනතාව වසංගතයට එරෙහිව යුද්ධයක් ආරම්භ කර ඇති බවයි.

රෝග ව්‍යාප්තිව පාලනය කරමින් චීනය ලෝකවාසීන්ගේ මහජන ආරක්ෂාව සඳහා විශාල දායකත්වයක් ද ලබා දී ඇති බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීන ආර්ථීකයේ දිගු කාලීන යහපත් වර්ධනය වෙනස් නොවන බව ද චීන ජනාධිපතිවරයා එහිදී ට්‍රම්ප්ට පවසා ඇති බවයි.

අවශ්‍ය නම් අමෙරිකානු විශේෂඥයින් කණ්ඩායමක් චීනයට යොමුකළ හැකි බව අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *