ණයට දුන් කෝටි 8,000 අයකර ගන්න බැරිව ලංකා බැංකුව අසරණ වෙයි

යහපාලන රජය සමයේ දේශපාලනඥයින් ඇතුළු විවිධ ප්‍රද්ගලයින් සඳහා ලංකා බැංකුව. රුපියල් කෝටි 8,000 ක ණය මුදලක් නිකුත් කර ඇතැයිද , මේ වන විට එම ණය මුදල් අය කර ගැනීමට නොහැකිව කල් ඉකුත් වූ අංශයට මාරු කර ඇතැයිද ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ මහතා පැවසීය.
ආචාර්ය ඇන් ඇම් පොරේරා කේන්ද්‍රෙය් ඊයේ ( 06) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින් සිව් දෙනකු ද මේ අතර වන බවද සභාපතිවරයා පැවසූවේය. මෙම කාලය තුළ ලංකා බැංකුව විසින් කපා හැර ඇති බොල් ණය ප්‍රමාණය රුපියල් කෝටි 500 ක් ඉක්මවන බවද ඔහු සඳහන් කළේය.

ලංකා බැංකුවේ හිටපු මහා කළමනාකරුට ලබා දුන් රුපියල් ලක්ෂ 250 ක ප්‍රාඩෝ නිල රථය ඔහු විශ්‍රාම යන විට රුපියල් ලක්ෂ 6 ක් ගෙවා නිවසට රැගෙන ගොස් ඇතැයි ද ඒ මහතා අනාවරණය කළේය.මේ පිළිබඳව අල්ලස් කොමිසමට, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පැමිණියද අද වන තෙක් විමර්ශනයක් හෝ සිදු කර නැතැයි ඔහු කීවේය.

හිටපු මහ බැංකු කලමණාකාරවරයා අද වන විට ඊ ටී අයි ආයතනයේ පවතින ගැටලු සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමේ සාමාජිකයකු බවද ඒ මහතා පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *