කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළමු වරට අනතුර ඇඟවීම් කළ චීන වෛද්‍යවරයා මරුට

කොරෝනා වෛරසය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළමු වරට අනතුර ඇඟවීම් සිදුකළ චීන ජාතික වෛද්‍යවරයා මියගොස් තිබේ.

එම වෛද්‍යවරයා ද වෛරස් රෝගයට ලක් වී දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වෙයි.

පසුගිය දෙසැම්බර් 31 වනදා ඔහු අදාළ අනතුරු ඇඟවීම් සිදුකළ ද වැරදි ප්‍රචාර සිදුනොකරන ලෙසට පොලිසිය ඔහුට දැනුම් දී තිබු බව අදාල ද්‍යෛවරයා රෝහල්ගත සිටියදී අනාවරණය කර තිබුණි.

වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ මියගිය සංඛ්‍යාව 636 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 28,000කට පමණ වෛසරය වැලඳී ඇති බව වාර්තා වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *