හර්දීක් පාණ්ඩ්‍යාට නවසීලන්තය සමඟ තරගය අහිමි වන ලකුණු

නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ දී ඉන්දියා තුන් ඉරියව් ක්‍රීඩක හර්දීක් පාණ්ඩ්‍යාට ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් හිමිනොවනු ඇති බව වාර්තා වෙයි.

ඉන්දියා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක් පදනම් කර ගනිමින් විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබුණි.

නවසීලන්තයට එරෙහිව පෙබරවාරි මස 21 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වන ඉන්දියා සංචිතය තවමත් නම්කර නැහැ.

කෙසේ වෙතත් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ හර්දීක් පාණ්ඩ්‍යා තවමත් ඉන්දියා ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට තරම් සුදුසු ශාරීරික යෝග්‍යතාවක නොමැති බවයි.

2016 වසරේ සිට ඉන්දියා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් ලෙස කටයුතු කළ පාණ්ඩ්‍යා 2019 වසරේ අගෝස්තු මාසයේදී පිටකොන්දේ ආබාධයකට ලක්වුණි.

ඒ හේතුවෙන් ඔහු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ලන්ඩන් නුවරදී ශල්‍යකර්මයකටද භාජනය කෙරුණි.

එම ශල්‍යකර්මයෙන් පසුව හර්දීක් පාණ්ඩ්‍යා නැවතත් යථා තත්ත්වයට පැමිණ නොමැති බවත් ඔහු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු ශාරීරික යෝග්‍යතා මට්ටමක නොමැති බවත් ඉන්දීයා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *