ලන්ඩන් නුවර පිහි ඇනුමක්

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහි ඇනුමක් සිදුව ඇත.

ප්‍රහාරකයා පසුව පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්ව තිබුණි.

ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට ලන්ඩන් පොලීසිය කටයුතු කටයුතු කර ඇත.

එම පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පිහි ඇනුමක් සිදු කර පළා යමින් සිටි අවස්ථාවේදී ලන්ඩන් පොලීසිය ඔහුට වෙඩි තබා තිබුණි.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

අන්තවාදී ආගමික සංවිධානයකට අයත් සැකකරු මීට පෙර ත්‍රස්ත චෝදනා මත සිරගතව සිට නිදහස් වූ අයෙක්.

ඔහු සතුව තිබී අන්තවාදී ආගමික සංවිධානයකට අයත් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන ඇත.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව පවතින නීති පද්ධතියට නව වෙනස්කම් හඳුන්වා දීමට අගමැති බොරිස් ජොන්සන් බලාපොරොත්තු වෙයි.

ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන ඉකුත් නොවැම්බර් මාසයේ ලන්ඩනයේ සුප්‍රකට පාලම මත සිදු වූ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් එවක අගමැතිවරයා මෙම අදහස් පළකර තිබුණි.

එම ප්‍රහාරය සිදුකළ තැනැත්තා ත්‍රස්ත චෝදනාවකට සිරගතව සිට නියමිත කාලයට පෙර නිදහස ලැබූ අයෙක්.

මේ අතර නව සිදුවීමට සම්බන්ධ පුද්ගලයා ද මිට පෙර ත්‍රස්ත චෝදනා මත සිරගතව සිටි අයෙක් වීම හේතුවෙන් පවතින නීති වෙනස් කළ යුතු බවට ජනතාවගෙන් බලධාරීන්ට එල්ල වන පීඩනය තවදුරටත් ඉහළ ගොස් ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *