හෙරොයින් සමඟ දෙදෙනෙක් පිටකොටුවේ දී අත්අඩංගුවට

යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පිටකොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

පිටකොටුව පොලීසිය විසින් පිටකොටුව රෝහිණී පටුමඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 66 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්බලන්ගොඩ සහ පිටකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් අද මාළිඟාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *