තියුණු ආයුධයකින් පහරදී අයෙක් ඝාතනය කරයි

මහරගම, නාවින්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ(21) රාත්‍රී බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 64 හැවිරිදි නාවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *