සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කොරියානු රජයෙන් ඇ.ඩොලර් මිලියන 10.96ක ප්‍රදානයක්

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.96ක ප්‍රදානයකි ලබා දිමට කොරියානු රජය තිරණය කරයි.

මෙම වසර තුළ මෙම ප්‍රදානයන් ලබා දිමට කටයුතු කරන බව ශ්‍රි ලංකාවේ කොරියානු තානාපති හියෝන් ලී මහතා පවසයි.

කාරිමික අපනයන , ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ කොරියානු තානාපතිවරයා අතර පැවති හමුවේදි මේ බව අනාවරණය වි තිබේ.

ඒ අනුව කුච්චවේලි සංචාරක කලාපය සංවර්ධනය කිරිම ස දහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.36ක ප්‍රදානයක් මාතලේ ඇටන්වල ප්‍රජා සත්කාරක සංචාරක ගම්මානය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6ක ප්‍රදානයක් කොරියානු රජය විසින් ලබා දිමට නියමිතය.

ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්විමත් සමඟ රට තුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වය සමඟ කොරියානු ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් රැසක් මෙරටට ආයෝජනයට කැමැත්තෙන් සිටින බවත් කොරියානු තානාපතිවරයා ප්‍රසන්න රණතුංග ඇමතිවරයාට මෙහිදි දැනුම් දුන්නේය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව කොරියානු සංචාරකයින් ශ්‍රි ලංකාවට පැමිණිමේ අඩුවක් දක්නට ලැබුණද රටේ පවතින වත්මන් තත්ත්වය සමඟ නැවතත් කොරියානු සංචාරකයින් මෙරටට පැමිණිමට කමැත්තක් දක්වන බවද තානාපතිවරයා පෙන්වා දුන්නේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කළේ නව රජය කොරියාව සමඟ ද්විපාර්ශික සබඳතා පුළුල් කිරිමට අපේක්ෂා කරන බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *