ව්‍යාජ නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් සමඟ පුද්ගලයෙකු පුල්මුඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් එම ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු වෙත රුපියල් 5000 මුදල් නෝට්ටු කිහිපයක් මාරුකර දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව පොලීසිය පැවසුවේය.

එම මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැක සිතූ ආරක්ෂක නිලධාරියා ඒ සම්බන්ධයෙන් මුල්‍ය ආයතන කළමනාකරු දැනුවත් කිරීමෙන් පසු පුල්මුඩේ පොලිස් ස්ථානය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 13ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකරු 77 හැවිරිදි පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *