රොට්ටේ වැවේ මාළු අල්ලන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී මරුට

පොතුවිල්, රොට්ටේ වැවේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබේ.

ඊයේ(19) පස්වරුවේ පුද්ගලයින් දෙදෙනකු මෙලෙස මසුන් අල්ලමින් සිටියදී දියේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව මෙම පුද්ගලයින් බේරාගෙන පොතුවිල් රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *