ගංජා කිලෝ 10ක් සමඟ දෙදෙනෙක් සුරාබදු නිලධාරීන්ට කොටු

හම්බන්තොට සුරාබදු ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සූරියවැව නගරය ආසන්නයේ වාඩියක විකිණීමට සුදානම් කරමින් තිබු ගංජා කිලෝ 10 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ඊයේ(19) දිනයේ දී මෙම මෙහෙයුම සිදු කර අත්අඩංගුවට ගත් මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වන බව සුරාබදු නිලධාරීන් කියා සිටියේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, සූරියවැව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 20 ක සහ 32 ක තරුණයින් දෙදෙනෙකු වන අතර ඔවුන් අද(20) හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වැටලීම හම්බන්තොට සුරාබදු ස්ථානයේ සුරාබදු පරීක්ෂක අජිත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සුරාබදු නිලධාරීන් වන දේශප්‍රිය ,ඉරේෂ් ,තේනුක ,සහ රියදුරු අජිත් ප්‍රසන්න යන නිලධාරීන් විසින් සිදුකර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *