ගුවන් තොටුපල පරිශ්‍රයේ තහනම් කලාපයේ රැඳී සිටි 9ක් අද අධිකරණයට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ තහනම් කලාපයේ නීති විරෝධිව රැඳී සිටිමින් ගුවන් මඟීන්ට බලපෑම් සිදු කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තය අසල තහනම්කලාපයේ දේශිය හා විදේශිය ගුවන් මඟීන්ට බාධාවන ආකාරයෙන් රැදී සිට විවිධ බලපෑම් සිදුකළ මෙම සැකකරුවන් 09 දෙනා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔවුන් කටුනායක පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

ඔවුන් අවුරුදු 31ත් 68ත් අතර වයසේ පසුවන ආඬිඅම්බලම, ගාල්ල, මිනුවන්ගොඩ, මීගමුව, හතරලියද්ද, වාරියපොල, සීදුව සහ වලස්මුල්ලයන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

නිතී විරෝධි මත්පැන් සමග පුද්ගලයෙකු ඇහැළියගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි නිතී විරෝධි මත්පැන් මිලිලීටර් දස දහසක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ඇහැළියගොඩ පොලීසියට භාර දි ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *