දඹුල්ලේ සංචාරක හෝටලයක දී හෙරොයින් සමඟ 4ක් අත්අඩංගුවට

දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක හෙරොයින් සමඟ තරුණයන් සිව් දෙනෙකු දඹුල්ල පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ඊයේ (18) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ මෙම සංචාරකයන්ට නවාතැන් ලබා දෙන බව කියන හෝටලයේ නිරන්තරයෙන් මත් කුඩු ලෝලීන් ගැවසෙන බවට ලද තොරතුරක් මත දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමක් රැක සිට සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයන් අත්අඩංගුවට පත්ව ඇත.

ඔවුන් සතුව තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 3355 සොයාගෙන ඇති බව පොලීසිය කියයි.

පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පි. එදිරිසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයේම සිදුකළ වැටලීමේදී මිලි ග්‍රෑම් 20 බැගින් හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් තරුණයන් දෙදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල, බකමූණ, ලග්ගල ,හත්තොටඅමුණ ආදී ප්‍රදේශවල පදිංචි තරුණයන් බව පොලීසිය කියයි.

තවදුරටත් දඹුල්ල නගරයේ මත්කුඩු තුරන් කිරීමේ වැඩසටහන යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය කියයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *