මහදිවුල් වැවේ දිය නෑමට ගිය අයෙක් ජීවිතක්ෂයට

මැදවච්චිය පොලිස් වසමේ මහදිවුල් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මිය ගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29ක් වු ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මේ වන විට මැදවච්චිය රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මැදවච්චිය පොලීසිය විසින් සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *