පාඨලී ඇමති වෙලා ඉද්දි කොච්චර බලපෑම් කරන්න ඇත්ද?-මුසම්මිල්

නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක වන විට පාඨලී චම්පික රණවක මහතා දේශප්‍රේමි සළු පොරවා. ගැනීමට කටයුතු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා චෝදනා කරයි.

ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ අද(16) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙන විට පාඨලී චම්පික මහතා දේශප්‍රේමි සළුපිළි පොරවා ගැනීමට උත්සහ ගන්නා බවයි.

තමන්ගේ නඩු ඉදිරියට එන විට බැටළු හමක් ලෙස දේශප්‍රේමීත්වය පාවිච්චි කර ගැනීමට චම්පික මහතා උත්සහ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම පසුගිය දා චම්පික මහතා විසින් පැවැත් වු මාධ්‍ය හමුවේ දී අනතුර සම්බන්ධයෙන් ඔහු ඉතා විස්තරාත්මක විග්‍රහයක් සිදු කරන බවත් එසේ කළ හැක්කේ වාහනය තුළ සිටිය අයෙකුට පමණක් බවත් පැවසීය.

එපමණක් නොව ප්‍රශ්නය අසන ලද මාධ්‍යවේදියාවට චම්පික රණවක මහතා තර්ජනය කළ බවත් ඔහු විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස සිටියදී මෙසේ තර්ජනයක් කරන්නේ නම් ඔහු ඇමතිව සිටින කාලයේ පොලීසියට හා අධිකරණයට කොතරම් බලපෑමක් කරන්න ඇත්දැයි පැහැදිලිව පෙනී යන බවත් ඒ මහතා කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *