MCC ගැන රජය දෙබිඩි පිළිවෙතක

මැතිවරණ සමයේදී එම්.සී.සී. ගිවිසුම රටට හොඳ නැති බවට ජනතාව බියවැද්දූ වර්තමාන ආණ්ඩුව මේ වනවිට එම්.සී.සී ගිවිසුම හොඳ බව පවසමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම ගිවිසුමේ 70%ක් හොඳ බව පවසමින් ගම්මන්පිල මහතා සළුපිලි උනාදමා තිබෙන බවත්, මේ නිසා මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවලට අනුව මෙම ගිවිසුම සලකා බැලීමකින් තොරව ඉවත දැමිය යුතු බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

මෙම ගිවිසුම රටේ ජාතික ආරක්ෂාවට, ආර්ථිකයට තර්ජනයක් බවත්, මේ නිසා මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බවත් අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *