බහුතර ආණ්ඩුවක් පිහිටුවනවා-මහින්දානන්ද

ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ. මහතාගේ නායකත්වයෙන් ඉදිරි මහ මැතිවරණයකදී නියත වශයෙන් තුනෙන් දෙකක බහුතරයක් ඇති ආණ්ඩුවක් පිහිටුවන බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද(16) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නඩු කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි මැතිවරණයකදී ජනතාවගේ ලකුණ පොහොට්ටුව බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පොදු සන්ධානයක් යටතේ තරග කරන බවට එකඟතාවයට පැමිණ ඇති නිසා වෙන් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්ත වන බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතරයත් අවශ්‍ය බවත් මේ හේතුවෙන් හරි දේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *