හවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ පළාත් කිහිපයකට අද සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, බස්නාහිර සහ වයඹ යන පළාත්වලට අද පස්වරු 2.00න් පසු වැසි ඇති විය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මද වැසි ඇතිවීමේ හැකියාවක් පවතියි.

මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කන්කසන්තුරය සිට මන්නාරම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *