මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් පොලීසියට

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ සහ නුවරඑළියේ සංචාරයක පැමිණි පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ දී හැටන් පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදි සැකකරුවන් සතුව තිබී ගංජා, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල, මාතර, කොළඹ සහ කුරුණැගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය සහ හදුනා නොගත් මත්ද්‍රව්‍ය කරල් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි සැකකරු සතුව තිබී අයිසි ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් 310ක් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය කරල් 30ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යයබලකාය සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *