විදුලිබල මණ්ඩලයේ මේ අවුරුද්දේ පාඩුව කෝටි 8000ක්-අමරවීර

මේ වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 8000ක් පමණ වන බව. විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාඩු ලබන රාජ්‍ය ආයතන 19කට වැඩි සංඛ්‍යාවක් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ සැලසුම් සකස් කර අවසන් බවයි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත අද පෙරවරුවේ පැමිණි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව අමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *