මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු හිස ඔසවයි

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 3031 දෙනෙකු වාර්තා වී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න මහතා පවසයි.

හාරිස්පත්තුව, අකුරණ, මහනුවර, උඩුනුවර, හතරලියැද්ද හාකුණ්ඩසාලේ යන ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තා වන බව ඔහු සදහන් කළේය.

එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් මේ දක්වා කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට කඩිනමින් පියවර ගන්නාබව ද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *