ධනංජයගෙන් ශතකයක්

පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී සිය 6 වන ටෙස්ට් ශතකය රැස්කිරීමට ධනංජය ද සිල්වා සමත්ව සිටියි.

ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත් වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි.

තරගයේ සිව්වන දිනය වු ඊයේ කිසිදු පන්දුවාරයක් ක්‍රියාත්මක නොකර තරගය නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කලේය.

අයපහත් අලෝකය හේතුවෙන් තුන්වන දිනයේදී තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වු අතර දිවා ආහාරයෙන් පසු පන්දවාර 5ක් පමණක් ක්‍රියාත්මක කිරීමෙන් පසු ක්‍රීඩාංගණයේ ආලෝක තත්වය අඩු වීම හේතුවෙන් තරගය තුන්වන දිනය සඳහා නතර කෙරුණි.

තරගය එලෙස නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 282ක්.

කෙසේ වෙතත් සිව්වන දින වු ඊයේද ක්‍රීඩාංගණයේ සහ ඒ අවට පැවති තෙත බරිත ස්භාවය හේතුවෙන් කිසිදු පන්දුවාරක්වත් ක්‍රියාත්ම නොකර තරගය නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කළේය.

අද තරගයේ පස්වන සහ අවසන් දිනයයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *