සුදු වෑන් සිද්ධිය ස්විස් තානාපති කාර්යාලයේ පරීක්ෂණවලට සහයක්-SB

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කළ. පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීම , පැහැරගැනීමකට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට සම්බන්ධ පරීක්ෂණවලටද සහයක් වනු ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) මහනුවර කච්චේරියේ පැවති දහම් පාසල් උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ නමුත් එම සිද්ධිය සඳහා මිත්‍රශිලි රටක් සම්බන්ධ වී තීබීම හෙතුවෙන් ඉතාම පරික්ෂාකාරී ලෙස සුහදව එම ප්‍රශ්නය විසඳා ගත යුතු බවද ඒ මහතා අවධානය කළේය.

එහිදි මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා කළ චෝදනාව රටට සහ වත්මන් ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *