බුද්ධි අංශ දුර්වල කිරීම නිසා ඇති වූ හානිය දැනටමත් අවසන්-ආරක්ෂක ලේකම්

පසුගිය කාලයේ බුද්ධි අංශ දුර්වල කිරීම නිසා ඇති වූ හානිය නැති කිරීමට තමා. දැනටමත් කටයුතු කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ ,ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් පිහිටවූ සියනෑ කතිකාවතට වසරක් පිරීම නිමිත්තෙන් වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින්.

රටේ කිසිදු සම්පතක් විදේශිකයින්ට හිමිකර ගැනීමට ඉඩ ලබානොදෙන බව ද ඔහු අවදාරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සියලු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට හැකි වාතාවරණයක් ගොඩනැගීම සිය මුලික අරමුණ බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *